කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට මාර්ගය අවහිර වී තිබෙනවා.
මෙලෙස මාර්ගය අවහිරව ඇත්තේ ගුරු විදුහල්පති විරෝධතාවය හේතුවෙනි.
මේ අතර කොම්පඤ්ඤවීදිය පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව විරෝධතාවයට එක්වන පිරිසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ආඥාවක් ද නිකුත් කර තිබෙනවා.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ජෝසප් ස්ටාර්ලින්, මහින්ද ජයසිංහ, අමිල සඳරුවන්, වාස් ගුණවර්ධන, පූජ්‍ය උලපනේ සුමංගල හිමි, මයුර සේනානායක, පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමි, පුංචිහෙට්ටි, මොහාන් පරාක්‍රම වීරසිංහ යන පිරිසටයි.
මේ අනුව අද (26) උදෑසන 10 සිට සවස 6 දක්වා කාලයේ දී කොටුව පොලිස් වසමේ සෙරමික් හන්දියේ සිට NSA වටරවුම දක්වා මාර්ගය ද, NSA වටරවුමේ සිට බාලදක්ෂ මාවත දක්වා ගාලුපාර ද අවහිර නොකරන ලෙසත් මුදල් අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව, ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවීම වළකින ලෙස සංදේශ භාර දීම සඳහා සුළු කණ්ඩායමට පමණක් වගකිව යුතු රජයේ නිලධාරියෙකු නිත්‍යානුකූලව ලබාගත් අවසරයක් මත ඇතුළු වීමට බාධාවක් නොමැති බවද එම අධිකරණය නියෝගයේ සඳහන්ව තිබෙනවා.
අදාළ අධිකරණ නියෝගයේ වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ නීති විරෝධී හැසිරීම්වලින් තොරව සාමකාමී උද්ඝෝෂණයක් කිරීමේ මුලික අයිතිවාසිකමට මෙම නියෝගයෙන් කිසිඳු බාධාවක් නොමැති බවයි.
Leave a Reply