අමෙරිකාවේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටීමෙන් පසු සුන්බුන් ඉවත් කිරීම කටයුතු මේ දිනවල සිදු වනවා.
ඒ සඳහා නැගෙනහිර එක්සත් ජනපද මුහුදු තීරයේ ඇති විශාලතම දොම්බකරය බැල්ටිමෝර් වෙත ගෙන්වා ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරට කාර්ය බහුලම වරායේ නැව් ගත කිරීම් ද මේ වන විට සම්පුර්ණයෙන්ම අත්හිටුවා ඇති බවයි.
සුන්බුන් අතර කිමිදීමේ අවධානම හේතුවෙන් කම්කරුවන් සිව් දෙනෙකුගේ සිරුරු සෙවීමේ කටයුතු තවදුරටත් නවතා දමා තිබෙනවා.
මේ අතර පාලම යථා තත්ත්වයට පත් කිරීම සඳහා ෆෙඩරල් හදිසි අරමුදල්වලින් ඩොලර් මිලියන 60ක මුල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බව වාර්තා වනවා.
පාලම කඩා වැටීමේ රක්ෂණ වන්දිය ඩොලර් බිලියන 3ක් ඉක්මවිය හැකි බවද එම වාර්තා පෙන්වා දෙනවා.







Leave a Reply