Loading...

PHIගේ ඝාතනය ගැන පරීක්ෂණ CIDය වෙත

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා කියා සිටියේ නාඳුනන තුවක්කුකරුවන් විසින් එම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කර මේ වන විට මාසයක කාලයක් ගත වී ඇති වුවද කිසිඳු හෝඩුවාවක් නිශ්චිතව සොයා ගැනීමට හැකිව නොමැති බවයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග පරිදි මෙම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවද ඔහු සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *