Loading...

ලංකාවෙන් රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් යැවූ ඒජන්තයෝ CID අත්අඩංගුවට

රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් යැවීමේ සංවිධානාත්මක ජාවාරමක යෙදුණු මහ මොළකරුවන් වූ විශ්‍රාමික මේජර්වරයකු සහ රැකියා ඒජන්සිකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ජාවාරමට සම්බන්ධ තවත් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා.

රුසියානු හමුදා කඳවුරුවල පිරිසුදු කිරීමේ සේවය සඳහා බවට පවසමින් මෙම පිරිස් මෙරටින් යව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් එරට දී ඔවුන් රුසියානු – යුක්රේන යුද්ධය සඳහා කුලී හේවායන් ලෙස යොදාගෙන තිබෙනවා.

මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම මහ මොළකරුවන් දෙදෙනා මිනිස් ජාවාරමේ නිරතව විශාල පිරිසක් මෙලෙස රුසියාවට යවා ඇති බවයි.

මෙරටින් රුසියාවට ගිය පිරිස් මෙරට හමුදා සේවයේ යෙදුණු විශ්‍රාමිකයන් බවද වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් මේජර්වරයා වාරියපොළ පදිංචිකරුවෙකු වන අතර අනෙක් පුද්ගලයා මහනුවර දිගන ප්‍රදේශයේ ඒජන්සිකරුවෙකු ලෙසයි මේ වන විට හඳුනාගෙන ඇත්තේ.

මෙලෙස මෙරටින් යැවූ ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙක් යුක්රේන ප්‍රහාරවලින් මියගොස් ඇති අතර තවත් පිරිසක් රුසියානු හමුදා කඳවුරුවල සිරකර ගෙන ඇති බව වාර්තා වනවා.

පුද්ගලික එජන්සි මාර්ගයෙන් වැඩි වැටුපක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් මෙලෙස එක්වන බවයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර ශ්‍රී ලංකාවේ විශ්‍රාමික හමුදා නිලධාරීන් රුසියානු හමුදාවේ සේවයට එක් කිරීම සඳහා ප්‍රවර්ධන කටයුතු සිදුකර ඇත්තේ මෙරට ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ නිලියන් කිහිපදෙනෙක් බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *