Loading...

ලොව පුරා කිතුණු බැතිමතුන් පාස්කු ඉරිදා සමරයි – දේවස්ථාන අසලත් විශේෂ ආරක්ෂාවක්

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අද (31) යෙදී තිබෙනවා.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගසේ සිය ජීවිතය පුරා කර දින 03කට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්‍ය ලෙස කිතුණුවන් සමරනු ලබනවා.

උන්වහන්සේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුණුවන් විවිධ වත්පිළිවෙත් සිදු කරනු ලබන අතර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ එලෙස ගත කළ දින 40ක චාරිකා සමය ද පාස්කු ඉරිදා දිනයෙන් අවසන් වනවා.

ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වාරි කන්දේ කුරුසියේ ඇණ ගසා මරණයට පත්කළ උන්වහන්සේ අද වැනි දිනක උත්ථාන වීම සිය අනුගාමිකයන්ට දර්ශනය වූ බව බයිබලයේ සඳහන් වනවා.

මේ අතර කතෝලික සහ අනෙක් ක්‍රිස්තියානි දේවස්ථානවල පාස්කු ඉරුදින ත්‍රස්ත්‍ර ප්‍රහාරය එල්ල වී අදට වසර 5ක කාලයක් ගත වනවා.

2019 අප්‍රේල් 21 වන දින එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 273 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 500කට අධික පිරිසක් ද තුවාල ලැබුවා.

මෙවර පාස්කු ඉරිදා දේව මෙහෙයන් පවත්වනු ලබන සියළු දේවස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සියළු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අනුව දිවයින පුරා කිතුණු දේවස්ථාන 1873ක් ආවරණය වන පරිදි ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6522ක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 320ක් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 2746ක් යොදවා ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *