Loading...

චීන ජනාධිපති ප්‍රංශයේ සංචාරයක

චීන ජනාධිපති ෂී ජින්පින් යුරෝපා සංචාරය ආරම්භ කරමින් අද (06) ප්‍රංශයේ පැරිස් අගනුවර බලා පැමිණියා.

චීන ජනාධිපතිවරයා මෙලෙස යුරෝපයේ සංචාරයක් ආරම්භ කළේ වසර 5කට පසුවයි.

මෙම සංචාරයට චීන ජනාධිපති ආර්යාව පොංග් ලුවාන් ද එක්ව තිබෙනවා.

තවද චීන රජයේ නියෝජිතයින් පිරිසක් ද ව්‍යාපාරික ප්‍රධානීන් පිරිසක් ද යුරෝපා සංචාරයට එක්ව තිබීම විශේෂත්වයක්.

චීන ජනාධිපතිවරයා ප්‍රංශ සංචාරයේ දී එරට ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ද ලින් ද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *