චීනය සිම්බාබ්වේ වෙත ලබාදුන් පොලී රහිත ණය කපා හැර තිබෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ දැඩි ආර්ථික අර්බුධයකින් සිටින සිම්බාබ්වේ රාජ්‍ය වෙත චීනය විසින් ලබාදී තිබූ පොලී රහිත ණයවලින් කොටසක් කපා හැර ඇති බවයි.
මෙම තීරණය සමඟ සිම්බාබ්වේ රාජ්‍ය මුහුණ දෙන දැඩි ආර්ථික අර්බුදයෙන් මිදීමට උපකාරයක් වනු ඇති බවද චීනය පෙන්වා දෙනවා.
2023 සැප්තැම්බර් වන විට සිම්බාබ්වේ රාජ්‍යය විසින් ගෙවිය යුතු සමස්ථ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 17.7ක් වූ ඉන් ඩොලර් බිලියන 12.7ක් බාහිර වශයෙන් ලබාගත් අතර ඉතිරි ඩොලර් බිලියන 5ක් දේශීය වශයෙන් ලබාගත් ඒවා බවයි.
තොරතුරු මුලාශ්‍රය – MSN
Leave a Reply