Loading...

චීනයෙන් අමෙරිකාවට 84%ක තීරු බද්දක්

අමෙරිකානු ආනයන සඳහා චීනය විසින් 84%ක තීරු බද්දක් පනවා තිබෙනවා.

චීනයේ මුදල් අමාත්‍යාංශය විසින් මේ බව ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම බද්ද හෙට (10) සිට ක්‍රියාත්මක වන බවද සඳහන්.

අමෙරිකානු ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීන ආනයන සඳහා පැනවූ 104%ක බදු අද (09) සිට ක්‍රියාත්මක වනවා.

මේ අනුව චීන මුදල් අමාත්‍යාංශය අමෙරිකාව එක්සත් ජනපදයෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා 84%ක තීරු බදු ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

තවද චීනය විසින් “විශ්වාස කළ නොහැකි ආයතනය” ලෙස නම් කරමින් සමාගම් ලැයිස්තුවක් නිකුත් කරනු ලැබුවා.

වාණිජ අමාත්‍යාංශය පැවසුවේ එය එක්සත් ජනපද ව්‍යාපාර 06ක් ද එකතු කර ඇති බවයි.

මෙයට අභ්‍යවකාශ සහ ආරක්ෂක සමාගමක් වන සියෙරා නෙවාඩා සංස්ථාව “Sierra Nevada Corporation” මෙන්ම AI සමාගම් ද ඇතුළත් වනවා.

චීනය මීට පෙර PVH සමාගම හිමිකාරීත්වය දරන සන්නාම වන කැල්වින් ක්ලයින් සහ ටොමී හිල්ෆිගර් “Calvin Klein and Tommy Hilfiger” ලැයිස්තුවට එක් කළා.

“විශ්වාස කළ නොහැකි ආයතනය” ලෙස හැඳින්වෙන මෙම සමාගම්වලට චීනයේ ව්‍යාපාර කිරීමේ දී සම්බාධක සහ දඩවලට මුහුණ දිය හැකි බැවින් එය ඉතා දුෂ්කර කාර්යයක් වනු ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *