අමෙරිකාව විසින් චීනයට එරෙහිව පැනවූ අතිවිශාල තීරු බද්දට ප්‍රතිචාර ලෙස චීනය ද අද (11) ප්‍රතිචාර දක්වා තිබෙනවා.
මේ අනුව අමෙරිකානු භාණ්ඩ සඳහා චීනය පනවා තිබූ තීරු බද්ද අද (11) 125% දක්වා ඉහළ නංවා ඇති බවයි වාර්තා වන්නේ.
චීනයට එරෙහිව පැනවූ තීරු බදු පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරමින් ධවල මන්දිරය ඊයේ (10) සඳහන් කළේ චීන ආනයන මත පැනවූ තීරු බද්ද 145%ක් දක්වා ඉහළ දමන බවයි.
ඊට ප්‍රතිචාර ලෙස චීනය අද (11) මෙම නව බදු ප්‍රතිශතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Leave a Reply