ධිවරයින් වෙනුවෙන් ලබාදෙන භූමිතෙල් සහනාධාර සඳහා මාසිකව රුපියල් 9375ක මුදලක් ඉදිරි මාස 5ක කාලයක් සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
කැබිනට් තීරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද (10) එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ ධීවරයින්ට එම සහනාධාරය ලබාගැනීමේ ක්‍රමවේදය පහසුකිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.
මේ අතර ඩීසල් ලීටරයකට රුපියල් 25 බැගින් වූ ඩීසල් සහනාධාර ඉදිරි කාලය සඳහා ද ලබාදීමට නියමිතව තිබෙනවා.
පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් ධිවරයින් මුහුණ දී සිටි අසීරු තාවයන්ට සහන සැලසීමේ අරමුණින් පසුගිය ඔක්තෝබර් මස 1 වනදා සිට රජය ඩීසල් සහ භූමිතෙල් සහනාධාරයක් ලබාදීමට කටයුතු කළා.
මෙහිදී ඩීසල් ලීටරයක් රුපියල් 25 බැගින් ඩීසල් සහනාධාරයක් ලබාදුන් අතර භූමිතෙල් ලීටරයකට රුපියල් 25කට බැගින් දිනකට ලීටර් 15ක උපරිමයකට යටත්ව මාසයකට දින 25ක් සඳහා මෙම සහනාධාර ලබා දෙනු ලැබුවා.
මෙම සහනාධාර ක්‍රියාත්මක වන අතරවාරයේ හඳුනාගත් අඩුපාඩු අනුව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කල නව සහනාධාර ක්‍රමවේදයට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
Leave a Reply