Loading...

චන්ද්‍රිකා වසර 5කට පසු මහ ගෙදරට ගිහින්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර 5කට පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට ඊයේ (06) සවස පැමිණ තිබුණා.

ඇය පක්ෂ මුලස්ථානයට පැමිණෙන අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශවයේ මැති ඇමතිවරුන් රැසක් ද පැමිණ සිටියා.

එහිදී හිටපු ජනාධිපතිනිය සහ පක්ෂයේ ජේෂ්ඨයින් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

පක්ෂ මුලස්ථානයෙන් පිටට පැමිණෙන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනිය, “වසර පහකට පස්සේ මම නිදහස් පක්ෂය කාර්යාලයට ආවා. පක්ෂයේ හිටියත් පක්ෂයේ කාර්යාලයට ආවේ වසර පහකින්. සිරිසේන මාව එලෙව්වට පස්සේ අපි ආවේ බලයට නෙවෙයි. අපි ආවේ රට හදන වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න. ඒක හදල තියෙන්නෙ ඉදිරියේ දී ඉදිරිපත් කරනවා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *