Loading...

චාමර සම්පත්ට ඇප

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය ඉදිරියේ මෙම නඩුව අද (08) කැඳවනු ලැබුවා.

මෙහිදී අල්ලස් කොමිසමේ නීති නිලධාරිනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම සිද්ධියට අදාළ මුලික විමර්ශන අවසන් කර තිබෙන බවත් සැකකරු පිළිබඳව අධිකරණයට සුදුසු යැයි හැඟෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.

ඉන්පසුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු වෙනත් නඩුවකට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත් මෙම සිද්ධියට අදාළ මුලික විමර්ශන අවසන් වී ඇති නිසා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට ඔහුට හැකියාවක් නොමැති බවත් මෙහිදී සඳහන් කළා.

ඒ අනුව සැකකරු ඇප මත මුදා හරින ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *