Loading...

පිරමිඩාකාර මූල්‍ය ආයතන පිළිබඳව මහ බැංකුවෙන් අධිකරණයට වාර්තාවක්

දිනෙන් දින රට පුරා ව්‍යාප්ත වන නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය ආයතනවලින් ජනතාව බේරා ගැනීමට මහ බැංකුව ක්‍රියාත්මක කරන දීප ව්‍යාප්ත වැඩපිළිවෙල පිළිබඳව පුර්ණ වාර්තාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරිපත් කර තිබෙනවා.

මහේස්ත්‍රාත් අධිකරණය මඟින් 2024 දෙසැම්බර් 18 වනදා දින නිකුත් කළ නියෝගයක් ප්‍රකාරව මෙම වාර්තාව මහ බැංකුව ඉදිරිපත් කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති නිලධාරී අනුර ජයසිංහ මහතා විසින් ඉදිරිපත් කළ පිටු 6කින් සමන්විත එම වාර්තාව සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විමසා සිටියේ අදාළ දැනුවත් කිරීම් ගම් වට්ටමින් ව්‍යාප්ත කර ඇත්ද? යන්න පිළිබඳවයි.

ඊට පිළිතුරු ලබාදුන් නීති නිලධාරියා පැවසුවේ සම්මන්ත්‍රණ ,සාකච්ඡා ගම් මට්ටමින් දීප ව්‍යාප්තව ව්‍යාප්ත කර ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *