Loading...

මෛත්‍රීට එරෙහි වාරණය දීර්ඝ කෙරේ

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද (09) නියෝග කළා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කළ පෙත්සම කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ අද (09) කැඳවනු ලැබුවා.

මෙහිදී නඩුවට අදාළ විරෝධතා ඇත්තේ නම් ගොනු කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළ විනිසුරුවරයා නඩුව නැවත ලබන 29 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන, ජ්‍යේෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, උප සභාපති වූ ෆයිසර් මුස්තාපා ඇතුළු පිරිසක් නම් කර තිබුණා.

මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්වීම එම පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි බවත් ඔහු අදාළ ධුරයේ කටයුතු කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙම ගොනුකළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *