Loading...

වතු කම්කරුවන්ගේ වැඩි කරපු වැටුප දෙන්න බෑ – වතු හාම්පුතුන්ගේ සංගමය

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා වැඩි කිරීමට නොහැකි බව වතු හාම්පුතුන්ගේ සංගමය පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා වැය වන පිරිවැය ඉහළ බවත් වතු කම්කරුවන්ගේ වැටුප් මේ මොහොතේ ඉහළ දැමීම අසීරු බවත්ය.

තේ වතු සමාගම් සමඟ කිසිඳු සාකච්ඡාවක් නොකර මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවද එම සංගමය සඳහන් කරනවා.

ඒ අනුව මෙම ගැසට් පත්‍රය අවලංගු කරන මෙන් ඉල්ලා වතු සමාගම් අධිකරණය හමුවට යාමට මේ වන විට තීරණය කර තිබෙනවා.

තවද මේ සම්බන්ධව තේ වතු සමාගම්වල උසස් නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් අද (02) කොළඹ දී පැවැත්වීමට නියමිත අතර එම සාකච්ඡාවෙන් අනතුරුව අධිකරණය හමුවට යාමට කටයුතු කරන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 1700කට වැඩිකර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02) ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධව ගැසට් නිවේදනය අප්‍රේල් 30 වනදා රාත්‍රියේ නිකුත් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *