Loading...

කාම්බෝජය තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලයි

තායිලන්ත කාම්බෝජ දේශ සීමාවේ දින දෙකක පැවැති යුද ගැටුම්වලින් පසුව කාම්බෝජය වහාම ක්‍රියාත්මක වන පරිදි තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපතිවරයා පවසන්නේ තම රට කොන්දේසි විරහිතව සටන් විරාමයක් ඉල්ලා සිටන බවත් යුද ගැටුම්වලට සාමකාමී විසඳුමක් අවශ්‍ය බවත්ය.

කෙසේ වෙතත් තායිලන්තය මේ දක්වා සටන් විරාම යෝජනාවට ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් තායිලන්තය මේ වන විටත් කාම්බෝජයට මායිම්ව ඇති දිස්ත්‍රික්ක 8ක යුද නීතිය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම යුද ගැටුම් හේතුවෙන් දෙරටේම අවම ලෙස පුද්ගලයින් 16 දෙනෙක් මියගොස් තවත් ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන්ව සිටිනවා.

මේ අතර තායිලන්තයේ වැඩබලන අගමැතිවරයාද ඊයේ (25) අනතුරු ඇඟවා සිටියේ මෙම දේශසීමා ගැටුම “යුද්ධයක් කරා ගමන් කළ හැකි බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *