Loading...

කබ්රාල්ට ස්ථිර ලෙසම රට යන්න දෙන්න බෑ – කොටුව මහේස්ත්‍රාත්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන නිසි ලෙස සිදු කරන තුරු කවර මොහොතක හෝ අජිත් නිවාඩ් කබ්රාල් මහතා සැකකරුවෙකු විය හැකි බැවින් ඔහුට පනවා ඇති විදේශ ගමන් තහනම ස්ථිරව ඉවත් කළ නොහැකි බව කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා පවසනවා.

හිටපු මහ බැංකු අධිපතිවරයාට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශ ගත වීමට අවශ්‍ය බැවින් පනවා ඇති විදේශ ගමන් තහනම ස්ථිර වශයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් නීතිඥ තිළිණ වීරසිංහ මහතා මෝසමක් මාර්ගයෙන් සිදු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා මේ බව කියා සිටියා.

මෝසම විභාගයට ගත් අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්නේ නම් කෙටි කාලීනව අජිත් නිවාඩ් කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම ඉවත් කළ හැකි බවයි.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ 2014 වසර කාලයේ මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය ඇතුළු නිලධාරීන්ට විරුද්ධව තීනියාවල පාලිත හිමියන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොනු කරන ලද පැමිණිල්ලක් මත මෙම නඩුව ගොනු කර තිබුණා.

ගිවිසුම් ගත ඩෙලවෙයාර් ලිමිටඩ් ලයබිලිටි සමාගමට ගෙවීමට තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් මුල්‍ය මණ්ඩලයේ අවසරය පමණක් ගෙන තෙවන පාර්ශවයකට ගෙවීම සම්බන්ධව ඔහුට එහිදී චෝදනා එල්ල වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *