Loading...

රුපියල් බිලියන 41ක ඉන්ධන සහනාධාරයක් ලබාදෙන්න කැබිනට් අනුමැතිය

ලෝක වෙළෙඳපොළේ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති ඉන්ධන මිල ගණන් හමුවේ ඉදිරි මාස 3 සඳහා රජය විසින් විශේෂ ඉන්ධන සහනාධාරයක් ලබා දීමට පියවර ගෙන ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ඉහළ යන මිල ගණන් හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා තවත් රුපියල් බිලියන 41ක දැවැන්ත සහනාධාරයක් මහා භාණ්ඩාගාරයෙන් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවයි.

ඉන්ධන මිල ගණන් ගණනය කිරීමේදී ඉන් වැඩි ප්‍රමාණයක් රජය විසින් සහනාධාර ලෙස දැරීමට කටයුතු කර ඇති අතර, ඉදිරි මාස තුන පුරාවටම මෙම සහනාධාරය අඛණ්ඩව ලබා දීමට රජය තීරණය කර ඇති බව ද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අවධාරණය කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *