පසුගිය සමයේ දී බූස්ස බන්ධනාගාරයේ සිටින රැඳවූවන් සතුව තිබූ ජංගම දුරකථන රැසක් අත්අඩංගුවට ගෙන එම බන්ධනාගාරයේ සහකාර අධිකාරීවරයාට මරණ තර්ජන එල්ල වී තිබෙනවා.
ඩුබායි සිට ඇමතුමකින් සම්බන්ධ වූ පුද්ගලයෙකු බන්ධනාගාරයේ අධිකාරීවරයාගේ පියාට තර්ජනය මෙම තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.
බූස්ස බන්ධනාගාරයේ සහකාර අධිකාරීවරයාගේ කටුනායක පිහිටි නිවසට ඊයේ (11) පස්වරුවේ යතුරු පැදියකින් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ තිබෙනවා.
එක් අයෙක් සහකාර බන්ධනාගාර අධිකාරීවරයාගේ පියාට සිය ජංගම දුරකථනය ලබාදී ඇත්තේ ඩුබායි සිට හීනටියන සංඛ නැමැත්තාගේ දුරකථන ඇමතුමක් ඇති බව පවසමිනි.
මෙහිදී සහකාර අධිකාරීවරයාගේ පියාට “පුතා දඟලනවා වැඩියි, වැඩිය නටන්න එපා කියන්න. නැත්නම් මරලා දානවා” යැයි පවසා තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සිද්ධිය සම්බන්ධයෙන් සහකාර බන්ධනාගාර අධිකාරීවරයා මෙන්ම දෙපාර්තමේන්තුව පොලීසිය පැමිණිලි කළ බවයි.
සහකාර බන්ධනාගාර අධිකාරීවරයා පසුගිය සමයේ දී බූස්ස බන්ධනාගාරයේ සිටින රැඳවුවන් සතුව තිබූ ජංගම දුරකථන රැසක් අත්අඩංගුවට ගත් නිලධාරියෙක් මෙම තර්ජනයට මුහුණ දී ඇති බව සඳහන්.
Leave a Reply