Loading...

පූකුඩු කන්නාගේ සහෝදරයෙක් කටුනායකදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් “පූකුඩු කන්නා” නැමැත්තාගේ සහෝදරයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ සිට අද (13) අලුයම ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් මෙරටට පැමිණීමේ දී ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ බාලචන්ද්‍රන් ගජේන්ද්‍රන් නැමැති 36 හැවිරිදි සැකකරු කොළඹ 10 ජම්පටාවීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

සැකකරු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *