Loading...

,

BREAKING – තුසිත හල්ලොලුව ගමන්ගත් වාහනයට වෙඩි ප්‍රහාරයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ තුසිත හල්ලොලුව මහතා ගමන්ගත් වාහනයට මීට සුළු මොහොතකට පෙර වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වනවා.

ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ කොළඹ නාරාහේන්පිට දාබරේ මාවතේ පිහිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්නගේ නිවසේ සිට නැවත එමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් අදාළ වාහනය නවතා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

මෙහිදී පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් අහසට සහ වාහනයට වෙඩි තබා ඇති නාදුනන පුද්ගලයින් දෙදෙනා තුසිත හල්ලොලුවට දරුණු ලෙස පහරදී ඔහුව සතුව තිබූ ලිපි ගොනුවක් පැහැරගෙන ගොස් ඇති බවද අදාළ ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

මෙම සිද්ධිය සිදුවූ අවස්ථාවේ තුසිත හල්ලොලුව මහතා ගමන්ගත් වාහනය තුළ නීතිඥ දිනේෂ් දොඩන්ගොඩ ද සිට ඇති අතර ඔහුට තුවාල සිදුව ඇති බවද වාර්තා වනවා.

අදාළ වෙඩි තැබීම හා පහරදීම් සිදුවී සුළු මොහොතකට පසුව එම ස්ථානයට නාරාහේන්පිට පොලීසියේ නිලධාරීන් පැමිණ තිබෙනවා.

මේ වන විට සිද්ධියෙන් පහර කෑමට ලක්ව සිටි තුසිත හොල්ලොලුවට රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.

තොරතුරු උපුටා ගැනීම – ද ලීඩර්


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *