Loading...

, ,

ගෝඨාගේ පොතේ මුල් තොග සියල්ල විකිණී අවසන් වෙලා

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නැමැති කෘතියේ මුල් තොගය ඊයේ (07) වන විට සම්පුර්ණයෙන්ම විකිණී අවසන්ව තිබෙනවා.

විජිත යාපා පොත් ප්‍රකාශක ආයතනයේ සභාපති විජිත යාපා මහතා කියා සිටියේ විවිධ සමාජ කණ්ඩායම්වල පුද්ගලයින් තම පොත්හල්වලින් මෙම කෘතිය මිලදී ගත් බවයි.

ඉන් වැඩි පිරිසක් මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයින් බවද ඒ මහතා සඳහන් කළා.

අදාළ කෘතියේ ප්‍රධාන බෙදා හැරීම්කරු වන්නේ විජිත යාපා පොත් ප්‍රකාශන ආයතනයි.

පවතින දැඩි ඉල්ලුම හමුවේ තවත් පොත් තොගයක් බෙදා හැරීම සඳහා අද (08) දිනයේ රැගෙන ඒමට නියමිත බවද වාර්තා වනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් විජිත යාපා ප්‍රකාශන ආයතනයේ සභාපතිවරයා කියා සිටියේ පොත මිලදී ගැනීමට දිවයින පුරා පොත් හල්වලින් විශාල වශයෙන් ඇණවුම් ලැබී ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *