ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද් දීමනා ඇතුළු විවිධ දීමනා ගෙවීමේ දී මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව මුදල් වැයකර ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
2022 වර්ෂයට අදාළ ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් වනවා. විගණන වාර්තාවට අනුව අනාවරණය වී ඇත්තේ අදාළ වර්ෂයේ දී මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සේවකයින්ට ප්‍රසාද දීමනා ඇතුළු විවිධ දීමනා සඳහා රුපියල් කෝටි 61කට ආසන්න මුදලක් වැය කර ඇති බවයි.
ප්‍රසාද දීමනා ගෙවීම සඳහා රුපියල් කෝටි 07කට ආසන්න මුදලක් සහ වෙනත් දීමනා සඳහා රුපියල් කෝටි 54ක වැඩි මුදලක් වැයකර ඇති බවද එම වාර්තාවේ පෙන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩල පාලනාධිකාරිය පවසා ඇත්තේ ඉහත දීමනා පිළිබඳව මහා භාණ්ඩාගාරයෙන් අනුමැතිය ඉල්ලු බවයි.
තවද අදාළ වර්ෂයේ දී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා සහ අනෙකුත් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අවස්ථාවේ දී ආයෝජන මණ්ඩලයේ දීමනා සහ සේවක ප්‍රතිලාභ ගෙවීම් සම්බන්ධව කැබිනට් අනුමැතිය ලබාගත යුතු බව යෝජනා වී ඇති බව සඳහන්.
Leave a Reply