Loading...

ඇත්ගෝව්වෙකුගේ සහයෙකුගේ මළ සිරුරක් මහනුවර වැවෙන් හමුවෙයි

මහනුවර පෙරහැර කටයුතු සඳහා සහභාගී වී සිටි ඇත්ගෝව්වෙකුගේ සහයෙකුගේ මළ සිරුරක් අද (31) උදෑසන මහනුවර වැව් ඉවුරේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා මහනුවර කතරගම දේවාලයේ පෙරහැරට සහභාගී වීම සඳහා අරනායක ප්‍රදේශයේ සිට පැමිණ ඇති බව සඳහන්.

ඔහු අලියෙකුගේ ප්‍රධාන පාලකගේ සහයෙක් වශයෙන් කටයුතු කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අචලංක නැමැති 28 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *