සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටීගේ මස්සිනා ඇතුළු තිදෙනෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැලිපැන්න කුරුන්ද ප්‍රදේශයේ දී මෙම සැකකරුවා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී සැකකරුවාගේ නිවසද පොලීසිය විසින් පරික්ෂා කර ඇති අතර ඒවායේ වෙඩික්කරුවන් සැඟව සිටියාද යන්න සම්බන්ධව ඇති වූ සැකය මත පොලීසිය එම නිවාස පරික්ෂාවට ලක්කර තිබෙනවා.
කෙසේ නමුත් එහිදී කිසිඳු සැකකටයුතු දෙයක් හමුවී නොමැති අතර සැකකරුවන් තිදෙනා මුදා හැරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
Leave a Reply