ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක් ගත්තද තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ දී සහය පළකරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.
සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
රට බේරාගත් ජනාධිපතිවරයාට ඉදිරියේ දී සහයෝගය ලබාදෙන බවයි ප්‍රමිත බණ්ඩාරතෙන්නකෝන් මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.
මේ අතර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන බව ප්‍රකාශ කර තිබෙනවා.
Leave a Reply