ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස නැවත වරක් පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර මහතා එම පක්ෂ මුලස්ථානය ඉදිරිපිටදී වැඩ භාර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් දයාසිරි ජයසේකර මහතාට පක්ෂ මුලස්ථානය වෙත ඇතුළු වීමට උත්සහ කළද එහි ආරක්ෂාවට පැමිණ සිටි පොලිස් නිලධාරීන් විසින් ඔහුට ඒ සඳහා අවසර ලබා දුන්නේ නැහැ.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා, “රෑ පාන්දර 5ට ඇවිල්ලා තුන් හතර දෙනෙක්, පොලිසියෙන්ම තමා මේක කළේ. මේකට ඉබ්බෝ දාලා විනාඩි දෙකක් යනකොට පොලිසියෙන් ඇවිල්ලා මේක වට කරගත්තා. මොකක්ද මේ අමාරුව? ආණ්ඩුවේ ඇමතිවරුන් රකින්න ද? මතක තියාගන්න මේ ආණ්ඩුව තව මාස දෙක තුනයි තියෙන්නේ. මේ ආණ්ඩුව ගෙදර යවනවා.
මේවා ආණ්ඩු බලය අරගෙන කරන වැඩ. මම පොලිස්පතිවරයාට කතා කරහම පොලිස්පතිවරයා කියනවා නිමල් සිරිපාල ඇමතිවරයා කැමැති නැති ලු ඒකට. මම ඇහුවා එයා කවුද එයා චෞර සභාපතිවරයෙක්.”
Leave a Reply