Loading...

බංග්ලාදේශ විපක්ෂ නායිකාව නිදහස් කරයි

බංග්ලාදේශ විපක්ෂ නායිකා කලීඩා ෂියා මහත්මිය ඇතුළු සිර දඩුවම් විඳමින් සිටි එරට පක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් සියලු දෙනා නිදහස් කිරීමට බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් නියෝග කර තිබෙනවා.

එරට ජනාධිපතිවරයා මෙම නියෝගය සිදුකර ඇත්තේ ශිෂ්‍ය විරෝධතා හමුවේ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පලා යාම සමඟයි.

මේ වන විට එරට පාලන බලය හමුදාව අත්පත් කර ගෙන තිබෙනවා.

හමුදාපති, නාවික හමුදාපති සහ ගුවන් හමුදාපති සමඟ එක්වී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව බංග්ලාදේශය ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *