Loading...

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක විස්සකට බලපෑම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්කයට 20කට බලපෑම් එල්ලවී තිබෙනවා.

මෙම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල් 80642ක් මේ වන විට පිඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 276550 දෙනෙකු පිඩාවට පත්ව සිටින පවුල් 5305කට අයත් පුද්ගලයින් 16553 දෙනෙක් ආරක්‍ෂිත ස්ථානවල රැඳී සිටින බවද වාර්තා වනවා.

මේ අතර ජලාශ ආශ්‍රිතව පහත් බිම්වල ගංවතුර තත්ත්වයන් තවදුරටත් පවතිනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ දැඳුරුඔයේ සහ මහවැලි ගගේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් ගංවතුර තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *