ආයුර්වේද වෛද්‍ය කටයුතු සඳහා භාවිතා කරන ඖෂධ වලින් 50%ක් හිඟයක් පවතින බව වාර්තා වනවා.
රජයේ ආයුවේද වෛද්‍ය නිළදාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසන්නේ රෝහල්වල සහ බෙහෙත් ශාලාවල පවතින ඖෂධ හිඟය හේතුවෙන් රෝගීන්ට පෞද්ගලික ඖෂධ අලෙවිසැල්වලින් ඖෂධ මිලදී ගැනීමට සිදුව ඇති බවයි.
ඉන්දියාවෙන් ඖෂධ හා අමුද්‍රව්‍ය ගෙන්වීම සීමා වීම නිසා මෙම තත්ත්වය ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ආයුර්වේද ඖෂධවලින් සැලකිය යුතු ප්‍රමාණයක් සහ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කරන ඖෂධ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය යම් ප්‍රමාණයක් ද ඉන්දියාවෙන් ගෙන්වනු ලබනවා.
ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙරට ඖෂධ නිෂ්පාදනය සඳහා භාවිත කරන වියළි ඉඟුරු හිඟය සහ මිල ඉහළ යෑම හේතුවෙන් ආයුර්වේද ඖෂධ හිඟය සඳහා බලපා ඇති බවයි.
Leave a Reply