Loading...

ලසන්ත ඝාතනයේ පරීක්ෂණ ගැන නීතිපති දෙපාර්තමේන්තුව නිවේදනයක්

නීතිපතිවරයා විසින් පසුගිය ජනවාරි 27 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකළ ලිපියේ නම් සැකකරුවන් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට සම්බන්ධ නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ඊට අමතරව ලසන්ත ඝාතනයේ ඇසින් දුටු සාක්ෂිකරුවෙකු නොවන ඔහුගේ රියදුරු 2015 වසරේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ අවස්ථාවේදී 2009 වසර අග භාගයේ දී තමා පැහැර ගැනීමකට ලක්වූ බවට දැනුම් ඇති බවත් ඒ අනුව විමර්ශන ආරම්භ කළ බවත් එම නිවේදනයේ සඳහන් වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *