Loading...

නීතිපති සංජේ රාජරත්නම් විශ්‍රාම යයි

නීතිපති සංජේ රාජරත්නම් මහතාගේ සේවා කාලය පසුගිය 27 වනදා අවසන් වුණා.

වසර ගණනාවක් පුරා නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ ඒ මහතා විශ්‍රාම යාම නිමිති කරගනිමින් එම දෙපාර්තමේන්තුවේ තමා සමඟ කාලයක් සේවය කළ හිතමිත්‍රාදන්ට හා සේවකයින් වෙනුවෙන් විශේෂ සංග්‍රහයක් පැවැත්වූ බවද වාර්තා වනවා.

නීතිපති සංජේ රාජරත්නම් මහතාගේ සේවා කාලය මාස 06කින් දීර්ඝ කරන ලෙස ඉල්ලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා දෙකකදී ව්‍යවස්ථාදායක සභාවට සිය නිර්දේශ ඉදිරිපත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් එම අවස්ථා දෙකේදීම ජනාධිපතිවරයාගේ අදාළ නිර්දේශවලට ව්‍යවස්ථාදායක සභාව විසින් අවසර ලබාදීම ප්‍රතික්ෂේප කෙරුණා.

ජනාධිපතිවරයාගේ නිර්දේශ පිළිගැනීම ව්‍යවස්ථාදායක සභාව එලෙස ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නීතිපතිවරයාට සිය ධුරයෙන් විශ්‍රාම යෑමට සිදු වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *