මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කළ වහාම ජනාධිපතිවරණය අදාළ තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසනවා.
ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ අද (22) පැවැති මාධ්‍ය හමුවකදීයි.
මැතිවරණයට සඳහා සියලු කටයුතු මේ වන විට සුදානම් කර ඇති බවද ඔහු සඳහන් කළා.
තැපැල් ඡන්ද හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු පිළිබඳව ද නියොජ්‍ය තැපැල්පතිවරයා අදහස් පළකලා.
“නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව සියලුම නිවාසවලට බෙදාහැරීම සඳහා 8,000ක සේවක පිරිසක් යොදා ගැනීමට සැලසුම් කර තියෙනවා.
එමෙන්ම තැපැල් ඡන්ද සඳහා අදාළ සියලුම ලිපි ලේඛන ආරක්ෂිත හුවමාරු කිරීම සඳහා ද තැපැල් දෙපාර්තමේන්තු බැඳී සිටිනවා.”
Leave a Reply