මන්නාරම වෙඩිතලතිව් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සෙබළුන් පිරිසකට උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් කඳවුරේ සෙබළුන් කඳවුර තුළම නිරෝධනය කිරිමට කටයුතු කර තිබෙනවා.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේ කඳවුරේ සෙබළුන් 25 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට මෙම උණ රෝගී තත්ත්වය වැළඳී ඇති බවයි.
උණ රෝගයට ගොදුරු වූ සෙබළුන් පිරිසක් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඉන් එක් සෙබලෙක් IDH රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවද වාර්තා වනවා.
මන්නාරම ප්‍රදේශයේ සෞඛ්‍ය අංශය සඳහන් කළේ කඳවුර තුළ සිටින තවත් සෙබළුන් 500කට ආසන්න ප්‍රමාණයක කඳවුර තුළම නිරෝධායනය කිරීමට අවශ්‍ය පියවරගෙන ඇති බවයි.
පසුගිය 11වනදා සිට උණ රෝගය පැතිරී යාම සිදුව ඇති බවට හෙළිව තිබෙනවා.
Leave a Reply