අප්‍රේල් 13 වනදා සුරාසැල් විවෘත වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත අසත්‍ය පුවතක් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව අද (12) නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට සමගාමීව අප්‍රේල් 12 සහ 13 යන දෙදින රට පුරා මත්පැන් අලෙවිය තහනම් කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය සතියේ නිවේදනයක් කරනු ලැබුවා.
ඔවුන් අද (12) නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ කෙසේ නමුත් මෙය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී තිබෙන තරු තුනේ පරාසයෙන් ඉහළ හෝටල්වලට සහ බුටික් විලාවලට එන දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා අදාළ නොවන බවයි.
සුරා අලෙවිය තහනම් කර තිබියදී සුරා අලෙවි කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවත් රට තුළ සාමාන්‍ය පරිදි මත්පැන් අලෙවිය අප්‍රේල් 14 වන ඉරිදා උදේ 8 සිට ආරම්භ වන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.
Leave a Reply