නීතිපති සංජය රාජරත්නම් මහතාට මාස 6ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා සිදුකළ නිර්දේශය අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කල් දමා තිබෙනවා.
ඊයේ (10) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අනුව ඒ සම්බන්ධව තවදුරටත් සාකච්ඡා කිරීමට මෙහිදී තීරණය වී ඇති බව සඳහන්.
නීතිපති සංජය රාජරත්නම් මහතාගේ සේවා කාලය මේ මස අගදී අවසන් වීමට නියමිත අතර ඔහුට මාස 06ක් සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.
අදාළ යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවිය යුතු වනවා.
මීට පෙර අවස්ථාවකද ඒ සඳහා අනුමැතිය ලබාදීම කල් දමා තිබුණා.
කෙසේ වෙතත් ලබන 18 වනදා යළිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිතව තිබෙනවා.
එහිදී නීතිපතිවරයාගේ සේවා දිගුව සම්බන්ධව අවසන් එකඟතාවයට පැමිණීම බලාපොරොත්තු වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළා.
Leave a Reply