Loading...

පාරින්ද රණසිංහ වැඩබලන නීතිපති ලෙස පත් කරයි

වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත්කර තිබෙනවා.

නීතිපතිවරයා වශයෙන් කටයුතු කළ සංජය රාජරත්නම් මහතා විශ්‍රාම යෑමෙන් අනතුරුව පුරුප්පාඩු වූ නීතිපතිවරයා සඳහා මෙලෙස ඒ මහතා පත්කර ඇති බව වාර්තා වනවා.

සංජය රාජරත්නම් මහතාට නීතිපති ධුරයේ තවදුරටත් කටයුතු කිරීම සඳහා සේවා දිගුවක් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීම ව්‍යවස්ථාදායක සභාවෙන් දෙවරක්ම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් රාජරත්නම් මහතාට විශ්‍රාම යෑමට සිදු විය.

පාරින්ද රණසිංහ මහතා එම ධුරයේ ස්ථිර කිරීම සඳහා ව්‍යවස්ථා දායක සභාවෙන් ඉල්ලීමක් කිරීමට නියමිත බවද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *