ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් ජනාධිපති ධුර කාලය වසරකින් දීර්ඝ කර ගැනීමේ හැකියාව සම්බන්ධව මේ වන විට සාකච්ඡා කරමින් පවතින බව වාර්තා වනවා.
දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ වන විට නීති ක්ෂේත්‍රයේ විශාරදයන්ගේ මතය විමසීමට ජනාධිපතිවරයාට හිතවත් පාර්ශව කටයුතු කර ඇති බවයි.
ජනාධිපතිවරයාගේ ධුර කාලය මේ අයුරින් වසර 5 සිට 6 දක්වා දීර්ඝ කර ගැනීමට අවස්ථාවක් පවතින බවද ඔවුන්ගේ මතය වී තිබෙනවා.
ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පවසන්නේ 2015 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ වසර 6ක් පැවැති ධුර කාලය වසර 5ක් දක්වා ඒ අවස්ථාවේ අඩු කළා සේම පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයකින් ධුර කාලය වසර 5 සිට වසර 6 දක්වා දීර්ඝ කර ගැනීමට හැකියාවක් ඇති බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83(ආ) ව්‍යවස්ථාවේ සඳහන්ව ඇත්තේ ජනාධිපතිවරයාගේ ධූර කාලය හා පාර්ලිමේන්තුවේ කාලය සය අවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ 2/3කින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතුව ඇත යනුවෙන් යැයි නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා සඳහන් කළේ ය. යම් විදිහකට ජනාධිපතිවරයාට 2/3ක බහුතරයක් නැතිවුවහොත් ජාතික වැදගත්කමින් යුත් කාරණයක් ලෙස ජනමත විචාරණයකින් සම්මත කර ගැනීමට හැකියාව පවතිනවා”.
තොරතුරු මුලාශ්‍ර ඉරිදා මව්බිම පුවත්පත









Leave a Reply