ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට තවත් අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා අද (24) නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වූ මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළවයි කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරයා මෙම නියෝගය කර ඇත්තේ.
2022 වසරේ දී මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසින් මෙම නඩුව පවරා ඇති අතර ඒ වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ සාන්ත ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෛත්‍රිපාල සිරිසේන මහතා 2019 හා 2021 වසරේදී සභාපති ධුරයට පත්වීම නීති විරෝධී බවයි.
නිදහස් පක්ෂයේ පක්ෂ ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය අනුව හිටපු ජනාධිපතිවරයෙකු පක්ෂයේ සභාපති ධුරය හෙඹවිය නොහැකි බවත් ඔවුන් අනුශාසකයින් ලෙස කටයුතු කළ යුතු බවත් අධිකරණයේ දී කරුණු දක්වා තිබෙනවා.
ඒ අනුව කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රධාන දිසා විනිසුරුවරයා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති අතර විත්තියේ විරෝධතා ජුනි මස 24 වනදා අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසට දැනුම් දී ඇති බව සඳහන්.
තොරතුරු මුලාශ්‍ර – ලංකාදීප
Leave a Reply