දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර් රථ ධාවන තරඟය අතරතුරේ සිදුවූ මෝටර් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 16 හැවිරිදි තරුණියක් මියගොස් තිබෙනවා.
දියතලාව පොලීසිය කියා සිටියේ දියතලාව ගල්ඒදණ්ඩ හෙලගෙදර ප්‍රදේශයේ පදිංචි තරුණියක් මෙලෙස මියගොස් ඇති බවයි.
ඒ අනුව දියතලාව ෆොක්ස්හිල් මෝටර් රථ ධාවන තරඟ මාරක අනතුරින් මියගිය ගණන 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය සහ දියතලාව යුද හමුදා විද්‍යා පීඨය මඟින් සංවිධානය කළ මෙම ෆොක්ස්හිල් මෝටර් රථ යතුරුපැදි ධාවන තරඟ දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන පථයෙදී ඉකුත් අප්‍රේල් මස 21 වනදා පැවැත්වුණා.
තරඟාවලියේ ෆෝඩ් ලේසර් මැස්ඩා එන්ජින් ධාරිතාව 1500 CC මෝටර් රථ කාණ්ඩයේ තරඟයේ දී මෙලෙස තරඟ වැදුණු මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී එක් මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන නරඹන්නන් රැඳී සිටි ස්ථානයට කඩා වැදීමෙන් මෙම මාරක මෝටර් රථ අනතුර සිදු වුණා.
Leave a Reply