Loading...

ට්‍රම්ප්ගේ බද්ද ගැන අද රාත්‍රීයේ තවත් සාකච්ඡාවක්

අමෙරිකාව පැනවූ තීරු බදු සම්බන්ධව අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය සමඟ තවත් සාකච්ඡාවක් අද (08) රාත්‍රීයේ පැවැත්වෙන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඔහු පැවසුවේ මේ සම්බන්ධව ජනාධිපතිවරයා දැනට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යවා ඇති බවයි.

මේ සම්බන්ධව පිළිගැනීමක් ලැබී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *