පාසල් ළමුන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීම සඳහා චක්‍රලේඛයක් අද (04) නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා කියා සිටියේ ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කරන බවත් තරඟකාරී අධ්‍යාපනයට, ශාරීරක සහ මානසික සෞඛ්‍යයට වැඩි බරකින් යුත් පොත් බෑගය බාධාවක් බවත්ය.
දරුවන් වර්ථමානයේ එහා මෙහා ගෙනයන පොත් බෑගය විශාල බරකින් යුක්ත වීම හේතුවෙන් දරුවන් නිරන්තරයෙන් කොඳු ඇට පෙළ ආශ්‍රිත ආබාධවලට ගොදුරු වන බවට වෛද්‍ය වාර්තාවලින් අනාවරණය වී තිබෙනවා.
මේ හේතුවෙන් ඇතැම් දරුවන් සදාකාලික අබාධිතයන් බවට ඉඩ ඇති බවද එම වෛද්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වනවා.
Leave a Reply