Loading...

මල්වතු ඔය ආශ්‍රිත පහත්බිම්වලට ගංවතුර අවදානමක් ගැන නිවේදනයක්

මල්වතු ඔය ද්‍රෝණිය ආශ්‍රිත පහත් බිම් වලින් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය සඳහන් වන්නේ අනුරාධපුර වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කයන්හි ඇතැම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මල්වතු ඔය ද්‍රෝණියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහ විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, වවුනියාව දිස්ත්‍රික්කයේ වෙන්ගලචෙඩ්ඩිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ මන්නාරම දිස්ත්‍රික්කයේ නැනඩ්ඩාන්, මූසාලෛ, මඩු යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පහත් බිම් වලට ඉදිරි පැය 48 සඳහා මෙලෙස ගංවතුර ඇතිවිය හැකි බවයි.

අදාළ ප්‍රදේශවල ජනතාවට මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසු වන ලෙසත් ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂාවීමට අවශ්‍යය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුවේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *