පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදී තිබූ සහන කාලය පසුගිය මාර්තු 31 දිනෙන් අවසන් වුණා.
නිවේදනයක් නිකුත් කරමින් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරන්නේ පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදී තිබූ සහන කාලය අවසන් වීම සමඟ ශ්‍රී ලංකා රජය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පුනර්ජීවනය සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් කැපවී සිටින බවයි.
මේ අනුව 2025 මාර්තු 31 දින හෝ ඊට පෙර සහන පියවර සාකච්ඡා කළ රුපියල් මිලියන 25ට අඩු ණය ලබාගෙන ඇති කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා 2025 දෙසැම්බර් 31 වනදා දක්වා මෙම සහනය හිමිවනු ඇති.
මේ අතර රුපියල් මිලියන 25ත් 50ත් අතර ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා 2025 සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කිරීමක් ලබාදීමක් ද රුපියල් මිලියන 50 ඉක්මවන අයට ආධාර ලබා ගැනීම සඳහා 2025 ජුනි 30 දක්වා අවසාන දින දීර්ඝ කිරීමක් ලැබුණා.
මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මෙම ප්‍රතිලාභ 2025 මාර්තු 31 වන දිනට පෙර බැංකු සමඟ සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පමණක් බවයි.
Leave a Reply