පාපැදියකින් ගමන් ගත් 13 හැවිරිදි බාල වයස්කාර දරුවෙකුගේ හිසට පහර දුන් බවට පවසමින් යටවත්ත පොලීසියේ උප පොලිස් පරීක්ෂකයෙකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
මහවෙල පොලීසිය කියා සිටියේ ලැබුණු පැමිණිල්ල මත මෙම උප පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
එම දරුවා පාරේ වෙට්ටු දමමින් පාපැදිය පදවාගෙන ගිය බවට සඳහන් කරමින් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
පහර කෑමට ලක්වූ මෙම බාල වයස්කාර දරුවා නිවසට පැමිණ ක්ලාන්තය සෑදුණු බව කියා ඇඳ වැටුණු බව දරුවාගේ මව පොලීසිය වෙත සිදුකළ පැමිණිල්ලේ සඳහන් වනවා.
බාලවයස්කාර දරුවා පාපැදියෙන් පල්ලිය වෙත යමින් සිටියදී නිකගොල්ල ප්‍රදේශයේදී මෙලෙස පහර කෑමට ලක්ව තිබෙනවා.
තොරතුරු මුලාශ්‍ර – ලංකාදීප
Leave a Reply