Loading...

අප්‍රේල් 4 වනදා අධිකරණයේ ප්‍රකාශයක් ලබාදෙන ලෙස මෛත්‍රීට නියෝගයක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ ප්‍රකාශය පිළිබඳ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අප්‍රේල් 4 වනදා අධිකරණයට ප්‍රකාශයක් ලබා දෙන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

ඒ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදු කළේ කවුදැයි යන්න තමා දන්නා බව ඔහු මහනුවරදී පසුගිය 22 වනදා මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන්.

කෙසේ නමුත් ඊට පසු දින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ සති 3කට පෙර තමන් ලද තොරතුරකට අනුව මෙම ප්‍රකාශය කළ බවයි.

එම ප්‍රකාශය මත පදනම්ව හිටපු ජනාධිපතිවරයා වහාම අත්අඩංගුවට ගන්නා මෙන් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.

මෙවැනි පසුබිමක් යටතේ හිටපු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නියෝග කරනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *