Loading...

තොණ්ඩමන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් නියෝගයක්

ලංකා වතුකම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය ජීවන් තොන්ඩමන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන මෙන් නුවරඑළිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් නුවරඑළිය පොලීසියට නියෝග කර තිබෙනවා.

නුවරඑළිය වැඩබලන මහෙස්ත්‍රාත් ජයමිණී අඹගහවත්ත මහතා විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය මැයි මස 30 වනදා අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් කැළණි වැවිලි සමාගම යටතේ පාලනය වන නුවරඑළියේ තේ කර්මාන්ත ශාලාවකට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධිය පිළිබඳව නුවරඑළිය පොලීසිය විසින් අධිකරණය හමුවේ අද (22) කරුණු වාර්තා කළා.

එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කැළණි වතු සමාගමට අයත් නුවරඑළියේ තේ කර්මාන්ත ශාලාව තුළට මැයි 30 වන දින අමාත්‍යවරයා ඇතුළු ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු දණ්ඩ නීති සංග්‍රහයට පටහැනිව කටයුතු කරමින් ක්‍රියා කිරීම පිළිබඳව නුවරඑළිය පොලීසිය මඟින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළා.

කෙසේ වෙතත් ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු සැකකරුවන්ට අධිකරණය වෙත අද (22) දින ඉදිරිපත් වන ලෙසට ලිඛිතව නුවරඑළිය පොලීසිය මඟින් දැනුම් දී තිබුණද සැකකරුවන් කිසිවෙක් අධිකරණය වෙත ඉදිරිපත් වී නොසිටීම නිසා වතු සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *