Loading...

ඉන්දීය අගමැතිගේ දිවුරුම් දීමේ උත්සවයට ජනාධිපතිටත් ආරාධනයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එම දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීමට නියමිත බවයි.

මේ අතර භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ නරේන්ද්‍ර මෝදි මහතාගේ මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (05) පස්වරුවේ දුරකථන ඇමතුමක් ලබාදෙමින් සුබ පැතුම් එක්කර තිබෙනවා.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය දිවුරුදීමේ උත්සවයට සහභාගී වන ලෙස ජනාධිපතිවරයා වෙත ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දිවුරුම්දීමේ උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ද සහභාගි වීමට නියමිතව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *