Loading...

MS දෝණිගෙන් යාපනයේ යොවුන් ක්‍රීඩකයාට ඇරයුමක්

යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයේ 17 හැවිරිදි ක්‍රීඩකයෙකු වන Kugadas Mathulan පාසල් තරඟයකදී යොමු කළ විශිෂ්ඨ පන්දුවක් පසුගිය දිනවලදී සමාජ මාධ්‍ය තුළ කාගෙත් අවධානය යොමු වුණා.

ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට යම් සමාන ඉරියව්වකින් පන්දු යවන Kugadas Mathulan විසින් යොමු කළ විශිෂ්ඨ යෝකර් පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වදින අයුරු එම වීඩියෝවේ ඇතුළත්ව තිබුණා.

මේ වන විට එම පාසල් සිසුවා ඉන්දියාවේ චෙන්නායි හි රැඳී සිටින අතර චෙන්නායි සුපර් කිංග්ස් නායක MS දෝනිගේ ආරාධනාවකට අනුව ඔහු එහි ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඉන්දියාවේ ප්‍රිමියර් ලීග් තරඟාවලිය අතරතුර දී ඔහු චෙන්නායි කණ්ඩායමේ දැල් පන්දු යවන්නෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාවක් හිමිව තිබෙනවා.

එලෙස සිදු වුවහොත් ලොව සුපිරි පිතිකරුවන් ඉදිරියේ පන්දු යැවීමේ පන්දු යැවීමේ අවස්ථාව ඔහුට හිමිවනවා.

2024 IPL තරඟාවලිය ලබන 22 වනදා ආරම්භ වීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *