අගවිනිසුරු තනතුරු හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරණයට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
අභියාචනාධිකරණයේ වත්මන් සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ගනු ලැබූ තීරණයට එරෙහිව නීතිඥවරයෙකු විසින් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු තහනම් නියෝග නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පෙත්සම් විභාගය නැවත ඔක්තෝම්බර් 4 වනදා කැඳවීමට නියමිතව තිබෙනවා.
Leave a Reply